Homeසියලුම පුවත්බැසිල් රාජපක්ෂට එරෙහිව ඉන්ටර්පෝල් රතු නිවේදන ලබාගැනීමට අධිකරණයෙන් නියෝග

බැසිල් රාජපක්ෂට එරෙහිව ඉන්ටර්පෝල් රතු නිවේදන ලබාගැනීමට අධිකරණයෙන් නියෝග

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියට අදාළව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට නියෝග කර තිබේ.එමෙන්ම, ජාත්‍යන්තර පොලීසිය හෙවත් ඉන්ටර්පෝල් හරහා රතු නිවේදන ලබාගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කර තිබේ.මෙම විමර්ශනයට පාදක වී ඇත්තේ 2014 වසරේදී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අදාළව වෙන් කර තිබූ රුපියල් මිලියන 7.8ක මුදලක් එම කාර්යාංශයේ ප්‍රවර්ධන කටයුතු සඳහා යොදා නොගෙන ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ටී ෂර්ට් 12,000ක් ලබාදීමට යොදාගත් බවට එල්ල වන චෝදනාවකි.එම මුදල් භාවිතය හේතුවෙන් රජයට මූල්‍ය පාඩුවක් සිදුවූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments