ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර, එය අද (01) දිනයේදී සුළි කුණාටුවක් බවට පත්වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.කෙසේ වෙතත්, මෙම කාලගුණ පද්ධතියෙන් ශ්රී ලංකාවට ඇති විය හැකි බලපෑම ඉතා අවම මට්ටමක පවතින බව කාර්යයේ නියුතු කාලගුණ විද්යාඥ මලිත් ප්රනාන්දු මහතා සඳහන් කර තිබේ.මෙම පද්ධතිය ඉන්දියාවේ ආන්ද්රා සහ විශාකාපට්නම් වෙරළ තීරය දෙසට ගමන් කරමින් පවතින බවත්, එය ශ්රී ලංකාව දෙසට පැමිණීමේ හැකියාවක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.එසේ වුවද, බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත වන පිරිස් විශේෂ අවධානයෙන් පසුවිය යුතු අතර, නැවත දැනුම් දෙනතුරු එම මුහුදු ප්රදේශවල යාත්රා කිරීමෙන් වළකින ලෙසද උපදෙස් ලබාදී ඇත.මේ අතර, දිවයිනේ ප්රදේශ රැසකට අද පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල මෙන්ම අම්පාර හා මඩකලපුව දිස්ත්රික්කවලද මෙලෙස වැසි ඇතිවීමේ හැකියාව පවතී.ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසද ජනතාවට දැනුම් දී තිබේ.තවද, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වල දහවල් කාලයේදී සිරුරට දැනෙන උෂ්ණත්වය ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්යාඥවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

