බෙල්ජියම තුළ පාසල් බස් රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දුම්රිය මාර්ගයේ ආරක්ෂක ගේට්ටුව වසා තිබියදීත් බස් රථය මාර්ගය හරහා ධාවනය කිරීමට රියදුරු උත්සාහ කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වේ.
මියගිය පිරිස අතර බස් රථයේ රියදුරු සහ සහායිකාව ද සිටින බව වාර්තා වෙයි.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ පාසල් සිසුන් හත්දෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන්ගෙන් කිහිපදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
බෙල්ජියමේ පාසල් බස් රථයක් දුම්රියක ගැටී 4ක් මරුට

