Homeසියලුම පුවත්බොරතෙල් මිල සුළු වශයෙන් ඉහළ යයි

බොරතෙල් මිල සුළු වශයෙන් ඉහළ යයි

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (10) දිනයේ සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව උදෑසන වන විට WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88.95 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 0.85ක පමණ වර්ධනයකි.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිලද ඩොලර් 92.33 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 0.96ක වැඩිවීමක් ලෙස වාර්තා වේ.
කෙසේවෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මර්බන් බොරතෙල් බැරලයක මිල සියයට 3.98කින් පහළ ගොස් ඩොලර් 88.24ක් දක්වා අඩුවී ඇති බවද වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments