දේශීයව ඇසුරුම් කරන ලද පානීය ජල බෝතල් සඳහා නව උපරිම සිල්ලර මිල ගණන් අද (10) සිට ක්රියාත්මක වන පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
නව නියෝගයට අනුව නියමිත උපරිම මිල ඉක්මවා ජල බෝතල් අලෙවි කිරීම හෝ ප්රදර්ශනය කිරීම තහනම් වන අතර, උල්ලංඝනය කරන වෙළෙඳුන්ට එරෙහිව වැටලීම් සිදුකරන බව ද සඳහන් වේ.
නව උපරිම සිල්ලර මිල ගණන්:
500ml – 999ml : රු. 80
1L – 1.499L : රු. 120
1.5L – 1.999L : රු. 150
2L – 2.499L : රු. 180
5L – 6.999L : රු. 400
මෙම නව මිල පාලන නියෝගයත් සමඟ පෙර පැවති මිල ගණන් අවලංගු වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කර ඇත.

