කොස්ගම පරණගම පොදු සුසාන භූමියේ එකම ස්ථානයක භූමදානය කර තිබූ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු තිබූ වළක් හාරා තොවිලයක් පවත්වා ඇති බවට සැක කෙරෙන පිරිසක් සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.
දියේ ගිලී මියගිය මෙම තරුණයින් දෙදෙනාගේ දේහයන් පසුගිය මැයි මාසයේ එම සුසාන භූමියේ භූමදානය කර තිබූ අතර, ඉකුත් 14 වැනිදා අලුයම කිසියම් පිරිසක් විසින් වළ හාරා තොවිල් කටයුත්තක් සිදුකර ඇති බව අනාවරණය වී ඇත.
CCTV දර්ශන ඔස්සේ සැකකටයුතු ලොරි රථයක් සහ යතුරුපැදියක් හඳුනාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.
සිද්ධියට සම්බන්ධ යකදුරා ඇතුළු අනෙකුත් සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්රියාත්මක බව කොස්ගම පොලිසිය සඳහන් කළේය.
භූමදාන කළ වළක් හාරා තොවිලයක් නැටූ පිරිස සොයා විමර්ශන

