Homeසියලුම පුවත්මල්වතු-අස්ගිරි මහා නාහිමිවරු බැහැදැක ජනපති ආශිර්වාද ලබාගනී

මල්වතු-අස්ගිරි මහා නාහිමිවරු බැහැදැක ජනපති ආශිර්වාද ලබාගනී

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයට සහභාගී වීම සඳහා මහනුවරට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) පස්වරුවේ මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබේ.

ඒ අනුව පළමුව මල්වතු මහා විහාරය වෙත ගිය ජනාධිපතිවරයා, මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගෙන ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments