පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් කොළඹ විහාරමහා දේවී උද්යානයේ ආරම්භ කළ සත්යග්රහය අද (21) හයවන දිනයටත් ක්රියාත්මක වේ.පසුගිය 16 වැනිදා පස්වරුවේ ආරම්භ කළ මෙම සත්යග්රහය අතරතුර අට්ටාලයක් ඉදිකිරීමට උත්සාහ කිරීමේදී පොලීසිය සමඟ උණුසුම් තත්ත්වයක්ද ඇතිවී තිබුණි.සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේලා පවසන්නේ ඥානසාර හිමියන් නිදහස් කරන තෙක් එම ස්ථානයෙන් ඉවත් නොවන බවයි.මීට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටි භික්ෂූන් වහන්සේලා පසුව බුද්ධ ශාසන අමාත්යාංශය වෙත ගොස් එහි ලේකම්වරයා සමඟ සාකච්ඡාවක නිරත වී තිබුණි.එම සාකච්ඡාවෙන් අපේක්ෂිත විසඳුමක් නොලැබුණු බව පවසමින් සිය ඉල්ලීම්වලට විසඳුමක් ලැබෙන තෙක් විහාරමහා දේවී උද්යානයේ රැඳී සිටීමට උන්වහන්සේලා තීරණය කර ඇත.

