Homeසියලුම පුවත්මහජන හදිසි අවස්ථාව තවත් මාසයකින් දීර්ඝ කරයි

මහජන හදිසි අවස්ථාව තවත් මාසයකින් දීර්ඝ කරයි

ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළ මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මාසයකින් දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමනායක මහතා විසින් ඊයේ (28) මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් මහජන ආරක්ෂාව සහ රටේ යථා තත්ත්වය පවත්වාගෙන යාම සඳහා මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.
එමෙන්ම, විදුලිබල, ඉන්ධන, සෞඛ්‍ය සහ පොදු ගමනාගමන ඇතුළු සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස පවත්වාගෙන යාම සඳහා පෙර නිකුත් කළ ගැසට් නිවේදනයද යළි දීර්ඝ කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments