පූජාපිටිය ජල සම්පාදන යෝජනා ක්රමයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් අද (06) පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා පැය 5ක කාලයක් මහනුවර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබේ.
මෙම කප්පාදුව මැදවල (පැරණි හා නව) සේවා ජලාශ, ගල්ලෙනවත්ත, ගලගෙදර සහ මාවතගම සේවා ජලාශ මඟින් ජලය සපයන ප්‍රදේශ රැසකට බලපැවැත්වේ.
වැඩිදුර තොරතුරු සඳහා 1939 දුරකථන අංකය අමතා විමසිය හැක.

