Homeසියලුම පුවත්මහර බන්ධනාගාරයේ හානි ගැන විමර්ශනයක්

මහර බන්ධනාගාරයේ හානි ගැන විමර්ශනයක්

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පවසයි.

අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, සිද්ධියෙන් බන්ධනාගාරයේ ස්ථාන කිහිපයකට දැඩි හානි සිදුව ඇති බවයි.

ඒ අනුව මුළුතැන්ගෙය, පුනරුත්ථාපන ගොඩනැගිල්ල, පුනරුත්ථාපන කාර්යාලය, ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලය සහ බන්ධනාගාර රෝහලට විශාල හානි සිදුව ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

නොසන්සුන්කාරී තත්ත්වයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වන විට මහර බන්ධනාගාරයේ තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර, රැඳවියන්ගේ ඥාතීන් සාමකාමීව එම ප්‍රදේශයෙන් ඉවත්ව යන ලෙසද ඔහු ඉල්ලීමක් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments