කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (06) රාත්රියේ බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් තුවාල ලැබූ රැඳවියන් 11 දෙනෙකු රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.
එම පිරිස අතර සිටි එක් රැඳවියෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

