Homeසියලුම පුවත්මැයි 31න් පසු රජයේ ආයතනවල ප්ලාස්ටික් වතුර බෝතල් තහනම්

මැයි 31න් පසු රජයේ ආයතනවල ප්ලාස්ටික් වතුර බෝතල් තහනම්

එළැඹෙන මැයි 31 වැනිදා සිට සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම සහ භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් පසුගිය 15 වැනිදා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් ලබාදී ඇති බව සඳහන් වේ.
රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීම සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති අතර, මීට පෙර ගැසට් මගින් තහනම් කර ඇති ප්ලාස්ටික් නිෂ්පාදන භාවිතයෙන් වළකින ලෙසද අදාළ ආයතන වෙත දැනුම් දී ඇත.
පරිසර දූෂණය හා සෞඛ්‍ය ගැටලු අවම කිරීමේ අරමුණින් රජය පසුගිය වසර කිහිපය තුළ තනි භාවිත ප්ලාස්ටික් නිෂ්පාදන රැසක් තහනම් කිරීමට පියවර ගෙන තිබූ අතර, මෙම නව තීරණයද එම වැඩපිළිවෙළේ තවත් පියවරක් ලෙස සැලකේ.
එමෙන්ම වෙසක් උත්සව සමයේ දන්සැල් සහ සැරසිලි සඳහාද ප්ලාස්ටික් භාවිතයෙන් වැළකී පරිසර හිතකාමී විකල්ප භාවිත කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments