Homeසියලුම පුවත්මැලේසියාවේ සිට පිටුවහල් කළ ‘මාටියා’ කටුනායකදී අත්අඩංගුවට

මැලේසියාවේ සිට පිටුවහල් කළ ‘මාටියා’ කටුනායකදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු ලෙස සැක කෙරෙන “මාටියා” නමැත්තා මැලේසියාවේ සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට භාරදුන් බවයි.
2022 වසරේ ගම්පහ අධිකරණය ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති අතර, පැය 72ක රැඳවුම් නියෝගයක් මත වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments