මුලතිව් ඓතිහාසික කුරුන්දි රජමහා විහාර භූමියෙන් ඉවත් කර තිබූ පොලිස් ආරක්ෂාව නැවත ලබාදීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.
විහාරස්ථානයේ ඉවත් කළ පොලිස් ආරක්ෂාව යළි ස්ථාපිත කරන ලෙස විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමියන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව විහාරස්ථානය සඳහා අවශ්‍ය පොලිස් ආරක්ෂාව කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව විෂයභාර අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විහාරාධිපති හිමියන් වෙත දැනුම් දී තිබේ.
මුලතිව් කුරුන්දි විහාරයට නැවත පොලිස් ආරක්ෂාව

