Homeසියලුම පුවත්මෙනින්ජයිටීස් රෝගීන් 200ක් වාර්තා වෙයි

මෙනින්ජයිටීස් රෝගීන් 200ක් වාර්තා වෙයි

මේ වනවිට Meningitis රෝගීන් 200කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
අද (27) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ දිස්ත්‍රික්ක 4ක රෝගීන් 50කට ආසන්න පිරිසක් මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.
රෝගීන් සංඛ්‍යාවේ අඩුවීමක් පෙන්නුම් කළද, ඉදිරි වැසි සමයේදී රෝග ව්‍යාප්තියේ අවදානම පවතින බැවින් ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බව දැනුම් දී තිබේ.
උණුකර නිවාගත් ජලය පානය කිරීම ඉතා වැදගත් බව අවධාරණය කරන සෞඛ්‍ය අංශ, රෝග ලක්ෂණ පෙන්වන දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙසද ඉල්ලා සිටී.
තද උණ, හිසරදය සහ වමනය මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණ වන අතර, එවැනි රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් ජනතාව රැස්වන ස්ථානවලට නොයන ලෙසද උපදෙස් ලබාදී ඇත.
දෙණියාය ප්‍රදේශයෙන් ආරම්භ වූ මෙම රෝග ව්‍යාප්තිය තවත් ප්‍රදේශ කිහිපයකින්ද වාර්තා වන අතර, එය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments