Homeසියලුම පුවත්මෙරට රන් මිල රුපියල් 9,000කින් පහළට

මෙරට රන් මිල රුපියල් 9,000කින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල පහළ යාමත් සමඟ ශ්‍රී ලංකාවේ රන් මිලද අද (19) සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ.
ඒ අනුව, ඊයේ රුපියල් 391,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද රුපියල් 382,000 දක්වා රුපියල් 9,000කින් අඩුවී ඇත.
එමෙන්ම, ඊයේ රුපියල් 359,700ක් ලෙස සටහන් වූ කැරට් 22 රන් පවුමක මිල අද රුපියල් 351,500ක් දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
මේ අතර, ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද දිනයේ අමෙරිකානු ඩොලර් 4,138ක් ලෙස සටහන් වී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments