Homeසියලුම පුවත්රට පුරා සිදුවන දියේගිලීම් මරණ අඩුකරන්න පුළුල් ජාතික යාන්ත්‍රණයක්

රට පුරා සිදුවන දියේගිලීම් මරණ අඩුකරන්න පුළුල් ජාතික යාන්ත්‍රණයක්

දිවයින පුරා දියේගිලීම් හේතුවෙන් සිදුවන මරණ අවම කිරීම සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පුළුල් ජාතික යාන්ත්‍රණයක් සකස් කිරීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පසුගිය 24 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

මෙහිදී අන්තර් ආයතනික සහයෝගීතාව ශක්තිමත් කරමින් දියේගිලීම් වැළැක්වීම සඳහා සම්බන්ධීකරණය කළ ජාතික රාමුවක් ස්ථාපිත කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ජල ආරක්ෂණ දැනුම පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම, කුඩා අවදියේ සිට සිසුන් දැනුවත් කිරීම සහ තරුණ තරුණියන් පුහුණු ස්වේච්ඡා ජීවිතාරක්ෂක බලකායක් ලෙස සූදානම් කිරීම ඇතුළු යෝජනා කිහිපයක්ද මෙහිදී ඉදිරිපත් කෙරිණි.

මෙම වැඩපිළිවෙළ මඟින් දියේගිලීම් මරණ අවම කරමින් දිවයින පුරා මහජන ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම රජයේ අරමුණ බව සඳහන් විය.

RELATED ARTICLES

Most Popular

Recent Comments