පාර්ලිමේන්තුව අසල පිහිටි රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට පැමිණි විමල් වීරවංශ මහතා සහ Sri Lanka Police අතර අද (18) උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.
මානුෂීය මෙහෙයුමේදී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සඳහා පැමිණි පිරිසට ආරක්ෂක අංශ විසින් ස්මාරකය අසලට යාමට අවසර ලබා නොදීමත් සමඟ මෙම නොසන්සුන්තාවය හටගෙන තිබුණි.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් සමඟ වචන හුවමාරුවක්ද සිදුව ඇති අතර, ඉදිරියට යාමට උත්සාහ කිරීමේදී විමල් වීරවංශ මහතා බිම වැටුණු අයුරුද වාර්තා විය.
අනතුරුව එම ස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කර ඇති බවද වාර්තා වෙයි.
රණවිරු ස්මාරකය අසලදී විමල් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්

