තෙදින ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ පළමු දිනයේදී පරීක්ෂාවට ලක් කළ පරිශ්‍ර 31,196ක් අතරින් ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ්‍ර 2,097ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ඊයේ (08) ආරම්භ වූ මෙම විශේෂ වැඩසටහන දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 72ක ක්‍රියාත්මක කෙරෙන අතර හෙට (10) දක්වා පැවැත්වේ.
පරීක්ෂාවට ලක් කළ රාජ්‍ය ආයතන 189ක් අතරින් ආයතන 50කම ඩෙංගු මදුරු කීටයින් හමුවී ඇති අතර, ඩෙංගු මදුරුවන් බෝවිය හැකි අවදානම් ස්ථාන 70ක්ද හඳුනාගෙන තිබේ.
එමෙන්ම පාසල් 56ක් පරීක්ෂාවට ලක් කිරීමේදී පාසල් 07කින් ඩෙංගු මදුරු කීටයින් හමුවී ඇති අතර, ඉදිකිරීම් පරිශ්‍ර 178ක් අතරින් ස්ථාන 41කද මදුරු කීටයින් හමුවී ඇත.
නිවාස පරිශ්‍ර 28,230ක් පරීක්ෂා කිරීමේදී පරිශ්‍ර 1,760ක ඩෙංගු මදුරු කීටයින් හඳුනාගෙන ඇති අතර, නිවාස 657කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද වාර්තා වේ.
ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවට පරිසරය පිරිසිදුව තබාගෙන මදුරු බෝවන ස්ථාන විනාශ කිරීමට වගකීමෙන් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
රාජ්‍ය ආයතන 50කින් ඩෙංගු මදුරු කීටයින් හමුවෙයි

