Homeසියලුම පුවත්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් හෙළිවුණු තොරතුරු

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් හෙළිවුණු තොරතුරු

වොෂින්ටන්හි හිල්ටන් හෝටලයේදී වෙඩි තැබීම සිදුකළ සැකකරු, තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති Donald Trump සමඟ සම්බන්ධ නිලධාරීන් බව විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ධවල මන්දිර වාර්තාකරුවන්ගේ වාර්ෂික රාත්‍රි භෝජන සංග්‍රහය අතරතුර මෙම ප්‍රහාරය සිදු වූ අතර, එම අවස්ථාවේ ජනාධිපතිවරයා සමඟ උප ජනාධිපති J. D. Vance ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් ද එම ස්ථානයේ පැමිණ සිටියහ.
සිද්ධියෙන් අනතුරුව ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක වී ජනාධිපතිවරයා ඇතුළු පිරිස ආරක්ෂිතව ඉවත් කරගත් අතර, සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සැකකරු 31 හැවිරිදි කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු විසින් වෙඩි ප්‍රහාර 5ත් 8ත් අතර සංඛ්‍යාවක් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
තවද, ඔහු ඉහළ අධ්‍යාපනයක් ලැබූ උපකාරක පන්ති ගුරුවරයෙකු සහ ආධුනික වීඩියෝ ක්‍රීඩා නිර්මාණකරුවෙකු බවට ද තොරතුරු හෙළිව ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments