Homeසියලුම පුවත්ලිට්‍රෝ ගෑස් මිල අද සිට අඩු කෙරේ

ලිට්‍රෝ ගෑස් මිල අද සිට අඩු කෙරේ

අද (05) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ගණන් අඩු කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 4,365කි.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 42කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,750ක් වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 815ක් දක්වා පහත දමා තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments