Homeසියලුම පුවත්ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට

අමෙරිකාව සහ ඉරානය අතර ඇතිවූ යුද තත්ත්වය අවසන් කරමින් සාම එකඟතාවයකට පැමිණීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබේ.
ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 1.12%කින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් 78.66ක් ලෙසත්, WTI බොරතෙල් බැරලයක මිල 1.28%කින් පහළ ගොස් ඩොලර් 75.81ක් ලෙසත් වාර්තා වී ඇත.
සාම එකඟතාවයත් සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට සහ ඉරාන තෙල් අපනයනයට පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.
එමෙන්ම ඉදිරි දින 60 තුළ දෙපාර්ශ්වය අතර සාකච්ඡා ක්‍රියාවලියක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති අතර, එය සාර්ථක වුවහොත් ලෝක තෙල් සැපයුම තවදුරටත් ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මේ හේතුවෙන් ඉදිරි කාලයේදී ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් තවදුරටත් පහළ යාමේ ප්‍රවණතාවක් පවතින බවද සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments