Homeසියලුම පුවත්වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය නඩුවේ ‘ගෆූර් මාමාට’ වසර 12ක සිරදඬුවම්

වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය නඩුවේ ‘ගෆූර් මාමාට’ වසර 12ක සිරදඬුවම්

අද (28) කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඔහුට එරෙහි අධිචෝදනා පහකට වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම දඬුවම නියම කර ඇත.එක් එක් චෝදනාවට වසර 12 බැගින් සිරදඬුවම් නියම කර ඇති අතර, එම දඬුවම් එකවර ක්‍රියාත්මක කිරීමට අධිකරණය නියෝග කිරීම හේතුවෙන් සමස්ත සිරදඬුවම් කාලය වසර 12කට සීමා වේ.කෙසේ වෙතත්, ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ සහ රැඳවුම් නියෝග යටතේ ගත කර ඇති වසර හතහමාරක කාලය දඬුවම් කාලයෙන් අඩු කිරීමට ද නියෝග කර තිබේ. ඒ අනුව, තවත් වසර හතරහමාරක පමණ කාලයක් සිරදඬුවම් විඳීමට සිදුවනු ඇත.විත්තිකරු වරද පිළිගැනීම, නඩු විභාගය තවදුරටත් දීර්ඝ නොකිරීම, ඔහුගේ වයස අවුරුදු 63ක් වීම ඇතුළු කරුණු සැලකිල්ලට ගනිමින් මෙම තීන්දුව ලබාදී තිබේ.මේ අතර, නඩුවේ හයවන විත්තිකරු වන ‘සාජිත් මවුලවී’ නමැත්තාගේ ස්ථාවරය දැනගැනීම සඳහා නඩුව හෙට (29) පෙරවරු 8ට යළි කැඳවීමට අධිකරණය නියෝග කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments