Homeසියලුම පුවත්වසරක් තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ළමුන් 11,970ක් අත්අඩංගුවට

වසරක් තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ළමුන් 11,970ක් අත්අඩංගුවට

රටම එකට” ජාතික මෙහෙයුම යටතේ වසරක කාලයක් තුළ සිදුකළ වැටලීම්වලදී ළමුන් 11,970 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.2025 ඔක්තෝබර් 30 වනදා සිට සිදුකළ මෙහෙයුම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතර පිරිමි ළමුන් 11,737 දෙනෙකු සහ ගැහැණු ළමුන් 233 දෙනෙකු සිටින බව සඳහන් වේ.මේ අතර, “රටම එකට” ජාතික මෙහෙයුම දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය අඩපණ කිරීම සඳහා පොලීසිය, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, විශේෂ කාර්ය බලකාය, ත්‍රිවිධ හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය එක්ව විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.එම මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස ජනතාව අතර බෙදාහැරීමට සූදානම් කර තිබූ මත්ද්‍රව්‍ය ටොන් ගණනක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ඔහු පැවසීය.මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර පවතින සම්බන්ධතා මැඩපැවැත්වීම සඳහා ඉදිරියේදී තවත් දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments