Homeසියලුම පුවත්වාහන බද්ද ගැන රජයට සජිත්ගෙන් චෝදනා

වාහන බද්ද ගැන රජයට සජිත්ගෙන් චෝදනා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, මැතිවරණ සමයේ අඩු මිලට වාහන ලබාදෙන බවට පොරොන්දු වූ රජය මේ වන විට වාහන ආනයනය මත සියයට 50ක අමතර බද්දක් පැනවීමට කටයුතු කර ඇති බවයි.
ඔහු සඳහන් කළේ, මෙම බදු පැනවීමෙන් වාහන මිල ඉහළ නොයන බවට රජය කරන ප්‍රකාශ ජනතාව නොමඟ යවන බවයි.
එමෙන්ම රටේ ආර්ථික තත්ත්වය, රුපියලේ අගය පහත වැටීම සහ ජනතාවට එල්ලවන ආර්ථික පීඩනය සම්බන්ධයෙන් රජය වගකීමෙන් කටයුතු කළ යුතු බවද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
ඔහු මේ අදහස් පළ කළේ තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති ආගමික අවස්ථාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RELATED ARTICLES

Most Popular

Recent Comments