නීතිවිරෝධී කටයුතුවල නිරතව සිටියදී අත්අඩංගුවට ගෙන වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි චීන ජාතිකයන් 37දෙනෙකු මෙරටින් පිටුවහල් කර ඇති බව වාර්තා වෙයි.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නීතිරීති උල්ලංඝනය කරමින් මෙරට අනීතිකව රැඳී සිටි මෙම පිරිස අතර කාන්තාවන් 6දෙනෙකුද සිටින බව සඳහන් වේ.
ඔවුන් චීනයට රැගෙන යාම සඳහා චීන ආරක්ෂක නිලධාරීන් 11දෙනෙකුද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර, ඊයේ (04) රාත්‍රී චීනයේ කුන්මිං නුවර බලා ගුවන්ගත කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.
වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි චීන ජාතිකයන් 37ක් පිටුවහල් කරයි

