පසුගිය දින කිහිපයේ වැසි තත්ත්වය අඩුවීමත් සමඟ ගංගාවල ජල මට්ටම් ක්‍රමයෙන් පහත බසිමින් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මේ වන විට කිසිදු ගංගාවක ගංවතුර අවදානමක් නොමැති අතර, ජලාශවල ජල මට්ටම්ද සාමාන්‍ය තත්ත්වයට පැමිණෙමින් තිබේ.
ඉදිරි දින කිහිපයේද අඩු වර්ෂාපතනයක් පුරෝකථනය කර ඇති බැවින් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
වැසි අඩුවෙයි – ගංගාවල ජල මට්ටම් සාමාන්‍ය තත්ත්වයට

