Homeසියලුම පුවත්විද්‍යා ඝාතන නඩුවේ මරණ දඬුවම නියම වූ වරදකරුවෙකු සියදිවි නසාගනී

විද්‍යා ඝාතන නඩුවේ මරණ දඬුවම නියම වූ වරදකරුවෙකු සියදිවි නසාගනී

යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වී මරණ දඬුවම නියමව බන්ධනාගාරගතව සිටි පුද්ගලයෙකු සියදිවි නසාගෙන ඇති බව වාර්තා වෙයි.
මෙලෙස මියගොස් ඇත්තේ පූබාලසිංහම් ජෙයකුමාර් නමැති 46 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු යාපනය බන්ධනාගාරයේ රඳවා සිටියදී ඊයේ (24) රාත්‍රියේ මෙම සිද්ධිය සිදුව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මෙම නඩුවේදී වරදකරුවන් සිව්දෙනෙකුට පනවා තිබූ මරණ දඬුවම ඉකුත් මැයි 6 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද යළි තහවුරු කර තිබුණි.
කෙසේවෙතත්, එම නඩුවේ තවත් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහි දඬුවම් ඉවත් කිරීමට ද අධිකරණය නියෝග කර තිබූ බව වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments