විදෙස් රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 20ක් වංචා කළ බව කියන කාන්තාවක් හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් පසු, සැකකාරිය ඊයේ (26) අළුබෝමුල්ල ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.
අත්අඩංගුවට ගත් සැකකාරිය 41 හැවිරිදි පානදුර ප්රදේශයේ පදිංචිකාරියක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
විදෙස් රැකියා මුවාවෙන් ලක්ෂ 20ක් වංචා කළ කාන්තාව අත්අඩංගුවට

