දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලදී අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 23 දෙනෙකු සෘජුව හඳුනාගෙන තිබේ.ශ්‍රී ලංකා පොලීසිය විසින් මෙම මෙහෙයුම් කොට්ඨාස මට්ටමින් දිවයිනේ සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි ක්‍රියාත්මක කර ඇත.පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන පරිදි, නොවැම්බර් 4 වැනිදා සිදුකළ මෙහෙයුම්වලදී පුද්ගලයින් 26,868 දෙනෙකු පරීක්ෂාවට ලක්කර තිබේ.එහිදී සැකපිට පුද්ගලයින් 410 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

