ශ්‍රී ලංකා පොලීසිය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරන අපරාධ හා මත්ද්‍රව්‍ය මර්දන විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ (27) දිනයේ සැකපිට පුද්ගලයින් 576 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, එදින පුද්ගලයින් 27,901 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති අතර, අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 17 දෙනෙකු වන බවයි.
එමෙන්ම, දින වරෙන්තුකරුවන් 227 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 158 දෙනෙකු ද මෙහෙයුම් අතරතුර අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම විශේෂ මෙහෙයුම් දිවයින පුරා තවදුරටත් ක්‍රියාත්මක කරමින් පවතින බවද පොලීසිය සඳහන් කරයි.
විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 576ක් අත්අඩංගුවට

