Homeසියලුම පුවත්තැපැල් දෙපාර්තමේන්තුව ගෙවූ ඩොලර් ලක්ෂ 6ක් ගැන විමර්ශන

තැපැල් දෙපාර්තමේන්තුව ගෙවූ ඩොලර් ලක්ෂ 6ක් ගැන විමර්ශන

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් US Post වෙත ගෙවූ අමෙරිකානු ඩොලර් ලක්ෂ 6කට ආසන්න මුදලක් එම පාර්ශ්වයට නොලැබී ඇති බවයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව අනාවරණය කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් විමර්ශන ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බවය.
එමෙන්ම, මුදල් අමාත්‍යාංශය විසින් මෙම ගැටලුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇති අතර, අදාළ නිලධාරීන් පිළිබඳවද පරීක්ෂණ සිදුකරමින් පවතින බව සඳහන් වේ.
මෙම ගෙවීම සම්බන්ධයෙන් දෙවරක් මෙවැනි ගැටලු මතු වී ඇති බවද, මුදල නොලැබී ඇති ආකාරය පිළිබඳව විස්තර සොයා බැලීම සඳහා අදාළ ආයතනවලින් සහ CID මගින් විමර්ශන දිගටම ක්‍රියාත්මක කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments