බගවන්තලාව රාණිකාඩු ප්රදේශයේදී අද (28) උදෑසන සිදුවූ බස් අනතුරෙන් තුවාල ලැබූ සිසුන් 34 දෙනා අතරින් 10 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.
අනතුර අද උදෑසන 7.30ට පමණ රාණිකාඩු – බගවන්තලාව ප්රධාන මාර්ගයේ කැම්පියන් වත්ත ප්රදේශයේදී සිදුව ඇත.
තුවාල ලැබූ සිසුන් සියල්ල බගවන්තලාව ප්රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, බරපතළ තත්ත්වයේ පසුවන සිසුන් 10 දෙනෙකු වැඩිදුර ප්රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යවා තිබේ.
පොලිසිය සඳහන් කළේ, ධාවනය වෙමින් තිබූ බස් රථයේ තිරිංග පද්ධතියේ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් රියදුරා බස් රථය පාලනය කිරීම සඳහා එය මාර්ග අසල පස් කන්දකට ගැටීමට සලස්වා නතර කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතී.
බස් අනතුරින් තුවාල ලැබූ සිසුන් 10 දෙනෙකුගේ තත්ත්වය බරපතළයි

