බගවන්තලාව රාණිකාඩු ප්‍රදේශයේ සිට පාසල් ළමුන් රැගෙන යමින් තිබූ බස් රථයක් අද (28) උදෑසන අනතුරට පත්වී සිසුන් 34 දෙනෙකු තුවාල ලබා ඇත.
අනතුර අද උදෑසන 7.30ට පමණ සිදුව ඇති අතර, තුවාල ලැබූ සිසුන් බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ.
පොලිසිය සඳහන් කළේ, බස් රථයේ තිරිංග පද්ධතියේ හදිසි කාර්මික දෝෂයක් ඇතිවීම හේතුවෙන් රියදුරා බස් රථය පාලනය කර ගැනීමට ප්‍රධාන මාර්ගයේ පස් කන්දක ගැටීමට සලස්වා නතර කර ඇති බවයි.
තුවාල ලැබූ සිසුන් අතරින් සිව්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර, අනෙකුත් සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වෛද්‍යවරු පවසයි.
මෙම අනතුර සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.
පාසල් ළමුන් රැගෙන ගිය බස් රථයක් අනතුරට – සිසුන් 34ක් රෝහලට

