Homeසියලුම පුවත්අද කොළඹට පැමිණෙන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

අද කොළඹට පැමිණෙන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

Walk for Peace’ වැඩසටහනේ අවසන් දිනය අද කොළඹ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.
අද (28) පස්වරු 4ට නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේදී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් පැවැත්වීමට නියමිතය.
ඒ අනුව, අද උදෑසන 11 සිට බණ්ඩාරනායක වටරවුම සිට බේස්ලයින් මාර්ගය හරහා බොරැල්ල හන්දිය දක්වා සහ මරදාන, ධර්මපාල මාවත, ලිප්ටන් වටරවුම, හෝර්ටන් වටරවුම, නිදහස් මාවත ඇතුළු ප්‍රදේශ කිහිපයක වාහන ගමනාගමනය අවස්ථානුකූලව සීමා කිරීමට නියමිතය.
එමෙන්ම ගංගාරාම විහාරය අවට මාර්ගවලද විශේෂ සීමා කිරීම් ක්‍රියාත්මක වනු ඇත.
රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හැකි තාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments