Homeසියලුම පුවත්වෙසක් දන්සල් 17,000කට වැඩි ප්‍රමාණයක් PHI පරීක්ෂාවට

වෙසක් දන්සල් 17,000කට වැඩි ප්‍රමාණයක් PHI පරීක්ෂාවට

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා සංවිධානය කළ දන්සල් පරිශ්‍රයන් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් විශේෂ පරීක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව මැයි 29, 30 සහ 31 යන දින තුන තුළ පමණක් දන්සල් 17,761ක් පරීක්ෂාවට ලක් කර ඇති බව වාර්තා වෙයි.
එහිදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුකූල නොවූ සහ විවිධ අඩුපාඩු සහිතව පවත්වාගෙන ගිය දන්සල් 148ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
කෙසේවෙතත්, මහජනතාවට අපහසුතා ඇතිවීම වැළැක්වීම සඳහා එම දන්සල් වසා දැමීමට කටයුතු නොකළ අතර, පවතින සෞඛ්‍ය ආරක්ෂණ අඩුපාඩු වහාම නිවැරදි කරගන්නා ලෙස සංවිධායකවරුන්ට උපදෙස් ලබාදී තිබේ.
අඩුපාඩු සකස් කිරීමෙන් අනතුරුව එම දන්සල් නැවත පවත්වාගෙන යාමට අවසර ලබාදී ඇති අතර, වෙසක් සතිය පුරා මෙවැනි සෝදිසි කිරීම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments