Homeසියලුම පුවත්ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට අධි චෝදනා

ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට අධි චෝදනා

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අද (19) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.
මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස සේපාලිකා සමන් කුමාරී සහ කීර්ති බණ්ඩාර කොටගම යන අය නම් කර ඇති අතර, ඔවුන්ට එරෙහිව චෝදනා 10ක් ඉදිරිපත් කර තිබේ. එමෙන්ම, නඩුව සඳහා සාක්ෂිකරුවන් 30 දෙනෙකු සහ ලේඛන 38ක්ද ඉදිරිපත් කර ඇත.
2022 මැයි 09 වනදා අරගලයේදී හානියට පත් දේපළක් සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී, රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කර රුපියල් 88 ලක්ෂ 50,000ක වන්දියක් ලබාගැනීම සම්බන්ධයෙන් දූෂණ චෝදනා මෙම නඩුවට ඇතුළත් බව අල්ලස් කොමිසම සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments