ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු පරිපාලන කටයුතු අද (29) සිට තාවකාලිකව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරා ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ මහතා සඳහන් කරයි.
1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ වගන්ති අනුව ලබා ඇති බලතල යටතේ මෙම තීරණය ගෙන ඇති බව ද අමාත්‍යවරයා පවසයි.
ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලු විසඳීමට සහ ව්‍යුහාත්මක සංශෝධන සිදු කිරීමට කමිටුවක් කඩිනමින් පත් කිරීමටද නියමිතය.
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුවේ ඉල්ලා අස්වීම් ද අද භාරගෙන ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය තාවකාලිකව ක්‍රීඩා අමාත්‍යාංශයට

