Homeසියලුම පුවත්දික්ඔය බස් අනතුරෙන් එක් අයෙකු මියයයි

දික්ඔය බස් අනතුරෙන් එක් අයෙකු මියයයි

හැටන්–දික්ඔය ප්‍රධාන මාර්ගයේ බඩල්ගල ප්‍රදේශයේදී මගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී අද (29) පස්වරුවේ සිදුවූ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 70ක් වූ හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 40ක් පමණ ගමන්කර ඇති අතර, රියැදුරු ඇතුළු 34 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
තුවාලකරුවන් අතර පිරිමි 17ක්, කාන්තාවන් 14ක් සහ කුඩා දරුවන් දෙදෙනෙකුද සිටින බව පොලීසිය සඳහන් කරයි. බරපතළ තත්ත්වයේ පසුවන එක් පුද්ගලයෙකු මහනුවර රෝහල වෙත මාරු කර ඇත.
තවත් බස් රථයකට ඉඩදීමට යෑමේදී වාහනය මාර්ගයෙන් ඉවතට පැන අඩි 35ක් පමණ පහළට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට අනාවරණය වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments