ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව ඉක්මවා ගොස් තිබේ.
මෙය 2022 ජූනි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම මිලක් ලෙස සඳහන් වේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන වරායන් අවහිර කිරීම දිගු කාලයක් පැවතිය හැකි බවට කළ ප්‍රකාශයත් සමඟ මෙම මිල ඉහළ යාම සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම, හෝමුස් සමුද්‍ර සන්ධිය වසා තැබීම හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට බාධා ඇතිවීමේ භීතිය ද මිල ඉහළ යාමට හේතු වී ඇත.
බොරතෙල් මිල ඩොලර් 120 සීමාව ඉක්මවයි

