Homeසියලුම පුවත්ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළ යාමක්

ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළ යාමක්

ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය 2026 හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයේ ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව, 2026 වසර සඳහා නිකුත් කළ හෙන්ලි දර්ශකයේ ශ්‍රී ලංකාව 94 වැනි ස්ථානයට පත්ව ඇති අතර, 2024 සහ 2025 වසරවලදී ශ්‍රී ලංකාව රැඳී සිටියේ 96 වැනි ස්ථානයේය.
පසුගිය වසර කිහිපය තුළද ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රය ක්‍රමයෙන් ඉහළට පැමිණ ඇති අතර, 2021දී 107 වැනි ස්ථානයේ සිට 2022දී 102 වැනි ස්ථානයටත්, 2023දී 100 වැනි ස්ථානයටත් පැමිණ තිබුණි.
මෙම හෙන්ලි දර්ශකය සකස් කරනු ලබන්නේ වීසා රහිතව හෝ පැමිණීමේදී වීසා ලබාගෙන සංචාරය කළ හැකි රටවල් සංඛ්‍යාව මත පදනම්ව ගුවන් ගමන් බලපත්‍රවල ජාත්‍යන්තර බලය ඇගයීමෙනි.
2026 දර්ශකයේ පළමු ස්ථානය සිංගප්පූරුව හිමිකරගෙන ඇති අතර, දෙවන ස්ථානය ජපානය, දකුණු කොරියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර බෙදී ගොස් තිබේ.
එමෙන්ම, හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයට අනුව අෆ්ගනිස්ථානය තවදුරටත් අවසන් ස්ථානයේ පසුවන බවද වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments