Homeසියලුම පුවත්ශිරන්ති රාජපක්ෂ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි

ශිරන්ති රාජපක්ෂ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (07) පෙරවරුවේ අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙනවිත් තිබේ.

‘සිරිලිය සවිය’ සංවිධානය හරහා රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක් ලබාදීම සඳහා බව සඳහන් කරමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10ක මුදලක් ලබාගෙන, එම මුදල අදාළ කාර්යයට භාවිත නොකළ බවට ඇයට චෝදනා එල්ල වී තිබේ.

අදාළ මුදල් සම්බන්ධයෙන් දූෂණ හා පොදු දේපළ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අද පෙරවරුවේ ඇයගේ නිවසේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

අනතුරුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගෙන අල්ලස් කොමිසම වෙත රැගෙන ගොස් ප්‍රශ්න කිරීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මෙලෙස රැගෙනවිත් තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments