Homeසියලුම පුවත්සංචාරක සංවර්ධනයේ වැඩිම ප්‍රගතියක් ලැබූ රටවල් අතර ශ්‍රී ලංකාව

සංචාරක සංවර්ධනයේ වැඩිම ප්‍රගතියක් ලැබූ රටවල් අතර ශ්‍රී ලංකාව

ලෝක ආර්ථික සංසදය නිකුත් කළ 2026 සංචාරක හා සංචාරක සංවර්ධන දර්ශකයට අනුව, 2024 සිට 2026 දක්වා කාලය තුළ සංචාරක සංවර්ධනයේ වැඩිම දියුණුවක් පෙන්නුම් කළ ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්ව තිබේ.

එම දර්ශකයේ වැඩිම ප්‍රගතියක් දැක්වූ රටවල් අතර ශ්‍රී ලංකාව 10 වැනි ස්ථානයට පත්ව ඇති අතර, 2024 වසරට සාපේක්ෂව 2026 වසරේ ශ්‍රී ලංකාවේ සංචාරක හා සංචාරක සංවර්ධන දර්ශක ලකුණු 4.33%කින් ඉහළ ගොස් ඇත.

මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය ඇල්බේනියාවට හිමිව ඇති අතර එරට දර්ශක ලකුණු 7.0%කින් ඉහළ ගොස් තිබේ.

වියට්නාමය 6.3%ක වර්ධනයක් සමඟ දෙවැනි ස්ථානයටත්, ලාඕසය 6.1%ක වර්ධනයක් සමඟ තෙවැනි ස්ථානයටත් පත්ව ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments