ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට (08) සිට මහජන දිනය ලෙස නම් කර ඇති සඳුදා දිනවල පැවැත්වෙන කිසිදු රැස්වීමකට සහභාගී නොවන බව ඔවුන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.
විවිධ අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන සහ දේශපාලන අධිකාරීන් විසින් සඳුදා දිනවල භෞතික හා මාර්ගගත රැස්වීම් සංවිධානය කිරීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවා කටයුතු සහ මහජනතාවට බාධා ඇතිවන බව පෙන්වා දෙමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 27/2023 අනුව මහජන දිනයේදී මහජන ගැටලු විසඳීම සඳහා කාර්යාලයේ රැඳී සිටීම අනිවාර්ය වන අතර එදින නිල රැස්වීම් නොපැවැත්විය යුතු බවද සංගමය අවධාරණය කරයි.
ඒ අනුව, අදාළ කරුණු සැලකිල්ලට ගනිමින් හෙට සිට සඳුදා දිනවල රැස්වීම් වර්ජනය කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයේ සභාපති ආර්. සෙන්තිල් මහතා සඳහන් කළේය.
සඳුදා දින රැස්වීම් වර්ජනය කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ තීරණයක්

