දිවයිනේ ප්‍රදේශ තුනක ඊයේ (29) සිදුවූ රිය අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
සපුගස්කන්ද, අහුංගල්ල සහ තඹලගමුව යන ප්‍රදේශවලදී මෙම අනතුරු සිදුව ඇති අතර, මියගිය අය අතර 15 හැවිරිදි දරුවෙකුද සිටී.
සපුගස්කන්දේදී කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී මාර්ගයේ ගමන් කළ ළමුන් දෙදෙනෙකුගේ ගැටී ඇති අතර, බරපතළ තුවාල ලැබූ 15 හැවිරිදි දරුවෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.
අහුංගල්ල එගොඩමුල්ල ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් 50 හැවිරිදි පදිකයෙකු මියගොස් ඇති අතර, තඹලගමුව ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් 24 හැවිරිදි යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
අනතුරු තුනට අදාළව රියදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන අදාළ පොලිස් ස්ථාන මගින් සිදුකරයි.
ස්ථාන තුනක සිදුවූ රිය අනතුරුවලින් තිදෙනෙකු මරුට

