Homeසියලුම පුවත්සැප්තැම්බර් 25 සිට පොල්ගොල්ල ජලාශය හිස් කෙරේ

සැප්තැම්බර් 25 සිට පොල්ගොල්ල ජලාශය හිස් කෙරේ

පොල්ගොල්ල ජලාශයේ සිදුකෙරෙන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් සැප්තැම්බර් 25 වැනිදා රාත්‍රී 12.00 සිට සැප්තැම්බර් 27 වැනිදා සවස 6.00 දක්වා ජලාශය හිස් කිරීමට බලාපොරොත්තු වන බව ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පවසයි.

එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

පොල්ගොල්ල ජලාශයේ ගේට්ටුවල සිදුකරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දින දෙකහමාරක පමණ කාලයක් ජලාශය හිස් කිරීමට නියමිත බවද ඔහු පැවසීය.

ඒ හේතුවෙන් පොල්ගොල්ල සහ බලගොල්ල ප්‍රදේශවලින් ජලය ලබාගන්නා ජනතාව ජල සම්පාදන ක්‍රමයෙන් ලැබෙන ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.

මේ අතර පොල්ගොල්ල ජලාශය හිස් කිරීමත් සමඟ කොත්මලේ ජලාශයේ විදුලි උත්පාදන කටයුතුද සැප්තැම්බර් 26 වැනිදා රාත්‍රී 10.00 සිට සැප්තැම්බර් 27 වැනිදා දහවල් 2.00 දක්වා තාවකාලිකව නතර කිරීමට නියමිත බව ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments