නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවරා ඇති නඩුව ඔක්තෝබර් 28 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කළේය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ අද මෙම නඩුව කැඳවනු ලැබූ අතර, ඇප මත සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද අධිකරණය හමුවේ පෙනී සිටියේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුව මෝටර් රථ ආඥා පනත යටතේ පවතින නඩුවක් බවයි.
කෙසේවෙතත්, නඩු විභාගය සඳහා අවසන් වරට ඔක්තෝබර් 28 වනදා නඩුව කැඳවන බව මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

