Homeසියලුම පුවත්සුමනදාස අබේගුණවර්ධන පැය තුනක ප්‍රකාශයකින් පසු පිටව යයි

සුමනදාස අබේගුණවර්ධන පැය තුනක ප්‍රකාශයකින් පසු පිටව යයි

හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ පැය තුනක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

ඒ මහතා අද (10) පෙරවරු 10.15ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබුණි.

‘සිරිලිය සවිය’ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු එලෙස කොමිසම වෙත කැඳවා තිබූ බව සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments