විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් මහතා අතර හමුවක් අද (02) පැවැත්වී තිබේ.
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය මුහුණ දෙන අභියෝග සහ එම ක්ෂේත්රයේ ආයෝජන පුළුල් කිරීමේ අවස්ථා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇත. 0
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ දේශීය නියෝජිතයින් පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිට තිබේ.
2030 වන විට මෙරට විදුලි අවශ්‍යතාවයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරාලීමේ ඉලක්කය සම්බන්ධයෙන්ද සජිත් ප්‍රේමදාස මහතා අවධානය යොමු කර ඇත. 1
වහල මත සවි කරන සූර්ය පැනල සඳහා ක්‍රියාත්මක ගෙවීම් හා ගිණුම්කරණ ක්‍රමවේදවල වෙනස්කම්, බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයන් සහ අනෙකුත් නියාමන බාධක පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
එම වෙනස්කම් හේතුවෙන් සූර්ය බලශක්ති ක්ෂේත්රයේ ව්‍යාපාරිකයන් අතර අවිනිශ්චිතතාවක් ඇතිවී ඇති බවට ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳවද එහිදී අවධානය යොමු කර ඇත.
පුනර්ජනනීය බලශක්ති ආයෝජන සඳහා පුරෝකථනය කළ හැකි ප්‍රතිපත්තිමය පරිසරයක් සහ ස්ථාවර විදුලි ගාස්තු පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳවද විපක්ෂ නායකවරයා අවධාරණය කර තිබේ.
“`2

